ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් සොයා ගැනේ
March 13, 2026 11:26 am
ජාතික ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් පිටබැද්දර පොලිස් ස්ථානය ආසන්නයේ සිදුකළ නළ ළිං කැනීමකදී මෙරට විශාලතම ජල මූලාශ්‍රය සොයාගැනීමට හැකිව තිබේ.
එහි දකුණු පළාත භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා පවසා සිටියේ, විනාඩියකට ලීටර් 10,000ක (ඝන මීටර 10) අඛණ්ඩ ජල ගලනයක් සිදුවන ජල මූලාශ්‍රයක් සොයාගත් පළමු අවස්ථාව මෙය බවය.
මීට පෙර මෙවැනි විශාලතම ජල මූලාශ්‍රය සොයාගැනීමට හැකිව ඇත්තේ මඩු ප්‍රදේශයෙන් වන අතර, එහි විනාඩියකට ලීටර් 7000ක ජල ගලනයක් සිදුව ඇත.
පාෂාණ ස්ථර පිළිබඳ අධ්‍යනය කර ස්ථර පැලුම් හරහා භූගත ජලය ඇති ස්ථාන, තාක්ෂණික මෙවලම් හරහා හදුනාගෙන මෙම නළ ළිඳ කැනීම සිදුකර තිබේ.
ඒ අනුව ඉදිරියේදී පිටබැද්දර, මොරවක හා අවට තදාසන්න ප්‍රදේශයන්හි ජල හිඟයෙන් පෙළෙන ජනතාවට මෙම ජලය බෙදාහැරීමට කටයුතු කරන බව ජාතික ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
