වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 6 පනී

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 6 පනී

March 13, 2026   10:14 am

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ජනවාරි මස පළමු දින සිට මාර්තු 11 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 6 ලක්ෂ 23,651 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

එම සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 15,772 දෙනෙකු ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 66,164 දෙනෙකු, රුසියානු ජාතිකයින් 56,114 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 45,939 දෙනෙකු සහ චීන ජාතිකයින් 39,725 දෙනෙකු ද මේ අතර වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

තවද, මාර්තු මාසයේ පළමු දින 11 තුළ පමණක් විදෙස් සංචාරකයින් 66,996 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.