යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 12, 2026   06:18 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (12) දින 13ක් ගතව තිබේ.

Update | 07.17 AM - යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක්

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. 

.......................

Update | 07.15 AM - ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය පිළිබඳව තමන් ප්‍රශ්න කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

කෙන්ටකි ප්‍රාන්තයේ පැවැති රැලියකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, අදාළ නෞකාව අත්පත් කර ගන්නවා වෙනුවට එය විනාශ කළේ මන්දැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවය.

"මම ඇහුවා ඇයි අපි ඔවුන්ව ඝාතනය කළේ කියලා. ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න?" යනුවෙන් ඔහු එහිදී ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

.................

Update | 07.10 AM - 

ඉරානයට සිදුකරන පහරදීම් තවමත් අවසන් කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, ඉතිහාසයේ ඕනෑම රටකට පහරදුන් ප්‍රමාණයට වඩා දරුණු ලෙස අමෙරිකාව ඉරානයට පහරදී ඇති බවය.

.........................

Update | 07.06 AM - මැදපෙරදිග යුද්ධය ගැන රුසියාව UN ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව විසින් ගෙන එන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත කරගැනීමට නොහැකි වී තිබේ.

.........................

Update | 6.10 AM - ගල්ෆ් මුහුදේ ගිනි ගෙන දැවුණ තෙල් නැව

පර්සියානු ගල්ෆ් මුහුදු කලාපයේ දී එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් ඕමාන තෙල් නෞකාවක් ගිනි ගෙන දැවෙන වීඩියෝ පෙළක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබේ.

ප්‍රහාරයෙන් නැවෙහි වූ තෙල් ටැංකි දෙකක් පුපුරා යෑමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.