දිවා සුරැකුම් රැකවරණයේ සිටි පුංචි පුතු පොකුණකට වැටී මරුට
March 11, 2026 01:51 pm
දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි කුඩා දරුවෙකු ඒ අසල තිබූ පොකුණකට ඇඳ වැටීමෙන් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මැදමුලන කදමඩිත්ත ප්‍රදේශයේ පදිංචි එයෝන් ධීසර අවිනාත් නම් මාස 18 වයසැති කුඩා දරුවෙකි.
දරුවාගේ මව ඔහුව දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාර දී තම රැකියා ස්ථානය වෙත පිටව ගොස් තිබේ.
පසුව අදාළ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව විසින් මවට මිද්දෙනිය කාරියමඩිත්ත රෝහල වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.
සිය පුතු දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ තිබූ පොකුණට වැටී මිය ගොස් ඇති බව එහිදී ඇයට දැන ගන්නට ලැබී ඇත.
කෙසේවෙතත් දරුවාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම පැහැරහැරි දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
