රිහානාගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

රිහානාගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

March 9, 2026   05:45 pm

ජනප්‍රිය පොප් ගායිකා රිහානාගේ බෙවර්ලි හිල්ස් හි පිහිටි නිවස ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඇය නිවස තුළ රැඳි සිට ඇති නමුත් ඇයට කිසිඳු ආකාරයක තුවාලයක් සිදුවී නොමැති බව සඳහන් වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස්  පොලීසිය සැකපිට 30 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.