ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ට්‍රම්ප්ගේ අනුමැතිය

ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ට්‍රම්ප්ගේ අනුමැතිය

March 8, 2026   09:17 am

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් මිලියන 650ක් පමණ වටිනා බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු කොංග්‍රසයද මගහැර ට්‍රම්ප් පරිපාලනය විමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවය.

ඒ අනුව ඊශ්‍රායලයට වහාම විකිණීමට අවශ්‍ය හදිසි අවස්ථාවක් පවතින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ තීරණය කර ඇති බවත් අලෙවිය සඳහා කොංග්‍රස් සමාලෝචන අවශ්‍යතා අත්හැර දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම යෝජිත විකිණීම එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියට සහ ජාතික ආරක්ෂාවට දායක වනු ඇති බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති අතර ප්‍රධාන කොන්ත්‍රාත්කරු ටෙක්සාස් හී පිහිටි රෙප්කොන් අමෙරිකා එක්සත් ජනපදය වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇතැයිද වාර්තා වේ.

මීට අමතරව, සෘජු වාණිජ ගනුදෙනු හරහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 298ක් වටිනා යුද අවි ඊශ්‍රායලය විසින් මිලදී ගැනීමට නියමිත බවද සඳහන් වේ.