ගෑස් ප්‍රශ්නයට ජනපතිගෙන් පිළිතුරු
March 3, 2026 01:50 pm
පවතින තත්ත්වය තුළ රට තුළ එකවර ගෑස් සඳහා ඉල්ලුම වැඩිවීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (03) පාර්ලිමේන්තුවේ දී රට තුළ මතුව තිබෙන ගෑස් හිඟයට විසඳුම් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, ගෑස් ගබඩා කිරීමේ අර්බුදයක් ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් මේ වනවිට සකස් කරමින් පවතින බවය.
රට තුළ උපරිමයෙන් ගෑස් ගබඩා කළ හැක්කේ සතියක පමණ කාලයකට පමණක් බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඉදිරියේදී ගෑස් සහ තෙල්වල අර්බුදයක් ඇති වීමේ ඉඩකඩ බෙහෝම අවම බවද සඳහන් කර සිටි ජනාධිපතිවරයා මාර්තු මස 12 වෙනිදා වන විට අලුත් ගෑස් සිලින්ඩර 100,000ක් රැගත් නැවක් මෙරටට පැමිණීමට නියමිත බවද පැවසීය.
"අපි මුහුණදෙන විශේෂ ප්‍රශ්නයක් තමා ගෑස් ප්රශ්නය. අපේ මුළු ගබඩා ධාරිතාවය තියෙන්නේ මෙට්‍රික් ටොන් 8,000ක. අපේ දෛනික ගෑස් අවශ්‍යතාවය ලිට්රෝ සමාගමේ 1,000 - 1,200ත් අතර. අපිට උපරිම ගෑස් ගබඩා කරන්න පුළුවන් වෙන්නේ සතියකට විතරයි. ඉතින් හිදෙනකල්ම ඉඳලා ගේන්නත් බෑනේ. දවස් දෙක ඇර දවස් දෙකක් ඇර 8,000 ගානේ වරායට ගේනවා. මේකයි තත්ත්වය. මේක වෙනස් කරන්න ඕනේ. දැනුත් මාලදිවයිනේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවෙන් පොඩි පෙඩි නැව්වලින් 8,000 ගානේ ගේනවා. රටවල් ද මේවා. මේවා තමා හුණ්ඩු. මේවා වෙනස් කරන්න ඕනේ. ලිට්රෝ ගෑස් අලුත් සිලින්ඩර් ලක්ෂයක් ඇණවුම් කරලා තියෙනවා. 12 වෙනිදා එනවා නැව. මොකද සිලින්ඩර් හිඟයක් තිබුණා. කහ පාට අයට නිල් පාට එකට මාරු වෙන්න ඕනකම තිබුණා. නමුත් ටැංකි නෑ. මෙහෙමයි හදන්නේ. ගෑස් හිඟයි ගෑස් හිඟයි කියලා කෑ ගැහුවා. අර්බුදය තේරුම් ගන්න...
මෙට්‍රික් ටොන් 8,000ක නම් ගබඩා තියෙන්නේ, ලිට්රෝ එකට සපයන්න පුළුවන් 1000 - 1200 අතර නම්, 1800ක ඉල්ලුමක් එකපාර ආවනම් සපයන්න පුළුවන්කම තියෙන්නේ දින 5කට වඩා අඩුවෙන් නම් අර්බුදයක් ඇති විය හැකියි. ඒ අර්බුදයට විසඳුම් සෙවිය හැකියි."
