ට්‍රම්ප්ගේ චීන සංචාරයට දින නියම වෙයි
February 21, 2026 11:35 am
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු මස අගදී චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
ඒ අනුව මාර්තු මස 31වනදා සිට අප්‍රේල් මස 02වනදා දක්වා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය සැලසුම් කර ඇති බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු තහවුරු කර ඇත.
වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ අරමුණ වී ඇති බවට ද වාර්තා පළ වේ.
කෙසේවෙතත් විදෙස් විචාරකයින් පෙන්වාදෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ චීන සංචාරය ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අස්ථාවරභාවයක් පෙන්නුම් කරන බවය.
