නවසීලන්තයට කඩුලු 8ක ජයක්

නවසීලන්තයට කඩුලු 8ක ජයක්

February 17, 2026   02:57 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සහ නවසීලන්තය අතර අද (17) පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ කැනඩාව පළමුව පන්දුව පහරදීමට පිටියට පිවිසි අතර එහිදී ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 173ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 15යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.