ඇෆ්ගන් - දකුණු අප්‍රිකා සටනේ ලකුණු සමවෙයි
February 11, 2026 02:45 pm
ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර අද (11) පෙරවරුවේ ආරම්භ වූ තරගයේ ලකුණු සමවූ අතර, ඒ් හේතුවෙන් ජයග්‍රාහකයා තෝරාගැනීමට සඳහා සුපිරි පන්දුවාරය දක්වා තරගය ඇදී ගියේය.
මෙහි පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුළදී ලකුණු 187/6ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයද පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 187ක් රැස්කළේය.
තරගාවලියේ 'D' කාණ්ඩයේ තරගයක් ලෙස මෙය අහමදාබාද්හිදී පැවැත්විණි.
