සිම්බාබ්වේට කඩුලු 08ක ජයක්
February 9, 2026 06:25 pm
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානය සමඟ පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දුවාර 19.5ක් තුළ සියලු දෙනාදැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 103කි.
එහිදී විනායක් ෂුක්ලා ලකුණු 28 සහ සුෆ්යන් මෙහෙමූඩ් ලකුණු 25ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී රිචඩ් නග්ර්වා, බ්ලෙසිං මුසර්බනි සහ බ්‍රැඩ් එවන්ස් කඩුලු තුන බැගින් දවාගත්තහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 104ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 13.3ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.
එහිදී බ්‍රයින් බෙනට් ලකුණු 48ක් සහ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 31ක් රැස්කළහ.
පන්දුයැවීමේදී සුෆ්යන් මෙහෙමූඩ් කඩුලු දෙකක් දවාගත්තේය.
මෙම ජයග්‍රහණයත් සමඟ බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
එහිදී ඔවුන් ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන ඇත්තේ, 2.702ක දළ ලකුණු වේගයක් රඳවා ගනිමිනි.
දෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන ඇති අතර එහිදී ඔවුන් රඳවාගෙන ඇති දළ ලකුණු වේගය 1.000කි.
