සිම්බාබ්වේ කණ්ඩායම‌ට ලකුණු 104ක ඉලක්කයක් 

සිම්බාබ්වේ කණ්ඩායම‌ට ලකුණු 104ක ඉලක්කයක් 

February 9, 2026   04:53 pm

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම‌ට ලකුණු 104ක ඉලක්කයක් හිමිව තිබේ.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දුවාර 19.5ක් තුළ සියලු දෙනාදැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 103කි. 

එහිදී  විනායක් ෂුක්ලා ලකුණු 28 සහ සුෆ්යන් මෙහෙමූඩ් ලකුණු 25ක් ලබාගත්තහ. 

පන්දුයැවීමේදී රිචඩ් නග්ර්වා, බ්ලෙසිං මුසර්බනි සහ බ්‍රැඩ් එවන්ස් කඩුලු තුන බැගින් දවාගත්තහ. 

තරගය පැවැත්වෙන්නේ, කොළඹ එස්.එස්.සී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.