පිරිසක් යද්දි තවත් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
February 5, 2026 12:34 pm
දිවයිනේ විවිධ ප්‍රදේශවල ජාතික පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සමන්විත ජාතික පාසල් ගුරු දරු එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අසළ අද උදෑසන විරෝධතාවක් ආරම්භ කළේය.
ඔවුන් පවසන්නේ ජාතික පාසල්වල වසර 3ක් සේවය සම්පූර්ණ කළ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට තම දරුවන් එම පාසල්වලටම ඇතුළත් කරගැනීම සඳහා වූ වරප්‍රසාදය කිසිඳු හේතුවක් නොදන්වා 2025 සිට නවතා දමා ඇති බවය.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, අධ්‍යාපන ලේකම් ඇතුළු නිසි බලධාරීන් හමුවී විමසුවද විසඳුමක් නොදුන් බවත් විරෝධතාකරුවන් පවසයි.
එවන් පසුබිමක සිය ගැටලුවට ලිඛිත විසඳුමක් ඉල්ලා ජාතික පාසල් ගුරු දරු එකමුතුව මෙලෙස විරෝධතාවයේ නිරතව සිටියි.
ඒ ඔවුන්ගේ දරුවන්ද සමඟය.
විරෝධතාවය සඳහා ජාතික පාසල්වල ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ද එක්ව සිටියි.
