නොසැලකිල්ල ජීවිත තුනක් අහිමි කරයි
February 5, 2026 09:47 am
ප්‍රදේශ දෙකක සිදුවු රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
මීගමුව - මීරිගම මාර්ගයේ කටාන කඳවල ප්‍රදේශයේදී යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ පදිකයකු ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබු යතුරුපැදියේ පැදිකරු, පසු පැදිකරු සහ පදිකයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු සහ පදිකයා මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 19 හැවිරිදි සහ 46 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර ආණමඩුව නිකවැරටිය මාර්ගයේ 96 කණුව අසලදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 32 හැවිරිදි ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
