පිහිණුම් තටාකයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පිහිණුම් තටාකයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

February 5, 2026   09:26 am

අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පිහිණුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මියගොස්  තිබේ.

මරණකරු තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් එහි හෝටලයක පිහිණුම් තටාකයේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගොස් ඇත්තේ 52 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අවිස්සාවේල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.