රු. කෝටි 6ක හෙරොයින් කිරිබත්ගොඩින් හසුවෙයි

රු. කෝටි 6ක හෙරොයින් කිරිබත්ගොඩින් හසුවෙයි

February 4, 2026   04:44 pm

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සමග තායිලන්න ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීය.

මෙලෙස පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 6කට ආසන්නය.

පොලිසිය පැවසුවේ, ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'ඩුබායි දිල්රුක්' නමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවය.

තායිලන්ත ජාතිකයෙකු හරහා ගුවනින් එම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවට සැකකරන බවද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.