පාකිස්තාන යොවුන් ක්‍රීඩකයින්ට ලකුණු 253ක ඉලක්කයක්

පාකිස්තාන යොවුන් ක්‍රීඩකයින්ට ලකුණු 253ක ඉලක්කයක්

February 1, 2026   05:44 pm

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායමට ලකුණු 253ක ඉලක්කයක් හිමිව තිබේ. 

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 252කි. 

එහිදී වේඩන්ට් ත්‍රිවේදි ලකුණු 68ක් සහ කනිෂ්ක චෞහාන් ලකුණු 35ක් ලබාගත්තහ. 

පන්දුයැවීමේදී අබ්දුල් ශුබ්හන් කඩුලු 03ක් බිඳහෙළීමට සමත් විය. 

තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේහි බුලවායෝ ජාත්‍යන්තර‌ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.