සයුරෙන් එතෙර
ඉන්දියාව සහ UAE ගිවිසුම් කිහිපයකට එළඹෙයි
January 21, 2026 04:50 pm
ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබේ.
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ්ගේ පැය තුනක නවදිල්ලි සංචාරය අතරතුරදීය.
එහිදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දෙපාර්ශ්වය විසින් ආරක්ෂක, වෙළඳාම, බලශක්තිය සහ තාක්‍ෂණය යන අංශ ආවරණය වන පරිදි ගිවිසුම් ගතවී තිබේ.
ඉන්දියාව පවසන්නේ ඉන්දු - එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ගිවිසුම් අවසන් කළ බවය.
මේ අතර X හි සටහනක් තබමින් UAE ජනාධිපති සඳහන් කර ඇත්තේ අගමැති මෝදි හමුවීමට ලැබීම සතුටට කරුණක් බවත් අන්‍යෝන්‍ය ද්විපාර්ශ්වික සහයෝගීතාවය තුළින් තිරසාර සංවර්ධනය සහ ආර්ථික වර්ධනය පෝෂණය කිරීම සඳහා තම කැපවීම ප්‍රකාශ කළ බවත් පෙන්වා දී තිබේ.
