චීනයේ උපත් අනුපාතය වාර්තාගත අගයක් දක්වා පහතට
සයුරෙන් එතෙර

චීනයේ උපත් අනුපාතය වාර්තාගත අගයක් දක්වා පහතට

January 19, 2026   04:17 pm

චීනයේ උපත් අනුපාතය වාර්තාගත අගයක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව, 2025 වසරේදී එරටින් වාර්තාවී ඇත්තේ පුද්ගලයින් දහසකට උපත් 5.63ක් පමණක් බව සඳහන් වේ.

2025 වසරේදී මිලියන 11.31 ඉක්මවූ චීන ජාතිකයින් පිරිසක් එරටදී මියගොස් ඇති අතර උපත ලබා ඇත්තේ බිළිඳුන් මිලියන 7.92ක් පමණි.

ඒ අනුව එරට ජනගහනය මිලියන 3.39කින් පහත වැටී ඇති බව සඳහන් වේ.

වසර 30 කට වැඩි කාලයක් තිස්සේ චීනයේ පැවති එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය දශකය තුළ එරට පහත වැටුනු උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා ළමා උපත් දිරිමත් කිරීමට මූල්‍ය ආධාර සැපයීමේ ක්‍රමවේදයක් පවා හඳුන්වාදී ඇති පසුබිමක මෙවන් තත්ත්වයක් පැවතීම විශේෂත්වයකි.