චීනයේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් - පුද්ගලයින් 02ක් මරුට

චීනයේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් - පුද්ගලයින් 02ක් මරුට

January 19, 2026   09:18 am

උතුරු චීනයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 84 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රෝහල් ගත කර ඇති පුද්ගලයින් අතරින් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් ය.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.