කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නෑ - අමාත්‍ය උපාලි පන්නිලගේ
January 18, 2026 08:54 pm
කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) කිරිබත්ගොඩ පිහිටි ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍යවෙත අදහස් දක්වමිනි.
