රජයේ වැඩසටහනකට ITAK විරෝධය 

රජයේ වැඩසටහනකට ITAK විරෝධය 

January 16, 2026   12:33 pm

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහනට සිය විරෝධය පළ කරන බව ඉලංගෙයි තමිල්අරසු කච්චි පක්ෂය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පෙන්වා දෙන්නේ, මෙය පක්ෂයක් මූලික කරගෙන සිදු කෙරෙන ක්‍රමවේදයක් බවය.

එය රාජ්‍ය යාන්ත්‍රණයට සමාන්තරව ක්‍රියාත්මක කෙරෙන බවත් එය වැරදි පූර්වාදර්ශයක් බවත්  ඔහු පෙන්වා දෙයි. 

ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයින් විසින් සිදු කළ යුතු සංවර්ධන කටයුතු ප්‍රජා ශක්ති වැඩසටහන තුළින් සිදු කරමින් එම ආයතනවල කටයුතුවලට බාධා කරන බව ද හිටපු මන්ත්‍රීවරයා පැවසීය. 

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්  ඊට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.