CTB බස් රථය නොමඟ යැවූ වනඅලියා 

CTB බස් රථය නොමඟ යැවූ වනඅලියා 

January 15, 2026   12:10 pm

කොළඹ සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය කරමින් තිබු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත්  බස් රථයක් දිඹුලාගල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති තිබේ. 

ඊයේ (14) රාත්‍රී 11.30ට පමණ අදාළ අනතුර සිදුව ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි. 

මාර්ගය හරහා ගමන් කළ වන අලියා බේරීමට යාමේදී මෙම අනතුර සිදුවූ බව බස් රථයේ රියදුරා පොලිසිට ප්‍රකාශ කර ඇත.

ඒ අවස්ථාවේදී බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මනම්පිටිය පොලිසිය විසින් ආරම්භ කර ඇත.