වනිඳු හසරංග ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට 

වනිඳු හසරංග ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට 

January 14, 2026   03:11 pm

විස්සයි විස්ස තරගවල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා වනිඳු හසරංග ඉදිරියට පැමිණ තිබේ. 

ඒ, නිමාවට පත් වූ පාකිස්ථාන තරගාවලියේදී දැක්වූ දක්ෂතා පදනම් කරගමිනි.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දියාවේ වරුණ් චක්‍රවර්ති පසුවන අතර නවසීලන්තයේ ජෙකොබ් ඩුෆි එහි තෙවන ස්ථානයේ පසුවෙයි.

පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක හය වන ස්ථානය දක්වා පසුබැස ඇත. 
එහි පළමු පළමු ස්ථානයේ ඉන්දියාවේ අභිෂේක ශර්මා පසුවන අතර දෙවන සහ තෙවන ස්ථානවල පිළිවෙලින් එංගලන්තයේ පිල් ස්ලොට් සහ ඉන්දියාවේ තිලක් වර්මා පසුවෙති.