ඉන්දියාවේ මහජනයාට මරු කැඳවන සරුංගල් නූල්
January 14, 2026 04:30 pm
සරුංගල් නූලක ගෙල පැටලීම හේතුවෙන් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ බිඩාර් දිස්ත්‍රික්කයේ ජීවත් වූ සංජු කුමාර් නම් 48 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා බිඩාර් දිස්ත්‍රික්කයේ තලමඩගි නම් පාලම අසල මාර්ගයක යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එකවැරම ඔහුගේ ගෙල ප්‍රදේශයේ නූලක් වැදී ගෙල කැපී ගොස් තිබේ.
ඔහු බයිසිකලයෙන් ඇද වැටි ඇති අතර ඔහුගේ ගෙලෙන් අධික ලෙස රුධිරය වහනය වී ඇත.
කෙසේ හෝ සිය දියණියගේ අංකය ඇමතීමට ඔහු සමත් වී ඇත. ඔහුගේ එම අවසාන මොහොත අසල සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර ඇත.
ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ ගිලන් රථයක් කැඳවනු ලැබූ නමුත් එය පැමිණෙන විට ඔහු අවසන් හුස්ම හෙළා තිබු බවය.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසු, සංජූගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අනතුර සිදු වූ ස්ථානයේ විරෝධතා දැක්වූ අතර, නයිලෝන් සරුංගල් නූල් භාවිතයට එරෙහිව පියවර ගන්නා ලෙස සහ හදිසි සේවා වැඩිදියුණු කරන ලෙස ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත් ප්‍රාන්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇති අතර, පරීක්ෂණ පවත්වයි.
ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සරුංගල් යැවීම සම්ප්රදායකි. බොහෝ ප්‍රදේශවල චීන මංජා ලෙස හඳුන්වන මෙම නයිලොන් නූල් වසර ගණනාවක් පුරා ජීවිත බිලි ගනිමින් සිටී.
පසුගිය සඳුදා ද සරුංගල් නූලක පැටලී ගෙල කැපී රඝුවීර් ඩකාර් නම් 45 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මෙය පැඩපැවැත්වීම සඳහා බලධාරීන් උත්සාහ කළ ඉන්දියාවේ නිරන්තරයෙන් එවැනි සිදුවීම් සිදුවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
