පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අනතුර
January 13, 2026 09:29 am
මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටුගොඩ ප්‍රදේශයේදී මිනුවන්ගොඩ දෙස සිට ජාඇළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරළී ගොස් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (12) සවස මෙම අනතුර සිදුව ඇති අතර, ලොරියට යට වී යතුරුපැදිය පැදවූ 26 හැවිරිදි කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියා එම ස්ථානයේම මියගොස් ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකරු ජාඇළ රෝහලට ඇතුළත් කර තිබේ.
මෘත ශරීරය ජාඇළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර ඊයේ දිනය තුළ මාරක අනතුරු කිහිපයක් සිදුවු අතර එම අනතුරුවලින් පුද්ගලයින් 13ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
