මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වෙයි
January 10, 2026 12:24 pm
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත පිවිසීම තාවකාලිකව අක්‍රියව පවතින බව සඳහන් වෙයි.
අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව එහි දක්වා ඇත්තේ, වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රියව පවතින බවත්, යම් විමසීම් ඇත් නම් එහි සඳහන් දුරකතන අංකයට හෝ ඊ-මේල් ලිපිනය මඟින් සම්බන්ධ වන ලෙසත්ය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, අදාළ වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවය.
