සයුරෙන් එතෙර
ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් ඉන්දියාවට
January 10, 2026 09:48 am
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ඉන්දීය සංචාරයක් පිළිබඳ විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තමන් ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපතිවරයා තහවුරු කර ඇති බවය.
ලබන මාසයේදී නවදිල්ලිය AI පිළිබඳ සමුළුවක් පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව මෙම සංචාරය සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එය ගෝලීය දකුණේ සත්කාරකත්වය දරන පළමු ගෝලීය AI සමුළුව වනු ඇති බව සඳහන්ය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ද ප්‍රංශයේ සංචාරයක නිරතව සිටි අවස්ථාවේ ඔහු ප්‍රංශ විදේශ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ ඉන්දියාව ඉක්මනින් ජනාධිපති මැක්‍රොන්ගේ පැමිණීම අපේක්ෂා කරන බවය.
