සයුරෙන් එතෙර
තායිවානය දැඩි ස්ථාවරයක
January 10, 2026 09:40 am
තායිවානයේ ස්වෛරීභාවය දැඩි ලෙස ආරක්ෂා කරන බව හරට ජනාධිපති විලියම් ලායි යළි අවධාරණය කර තිබේ.
ඒ, චීනයෙන් එල්ල වන බලපෑම්, බිය වැද්දවීම් සහ තර්ජන තරයේ ප්‍රතික්ෂේප කරමිනි.
ඒ අනුව තායිවාන ජනාධිපතිවරයා පවසා ඇත්තේ චීනයෙන් එල්ල වන නව මිලිටරි පීඩනය හමුවේ චීනය තායිවානයේ කොටසක් නොවන බව පැහැදිලි වන බවය.
2026 ජනවාරි 1 වන දින ඔහුගේ අලුත් අවුරුදු පණිවුඩයේ ද ලායි 2026 වසර "තීරණාත්මක වසරක්" ලෙස සඳහන් කර තිබුණි.
