පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා දීම ගැන දැනුම්දීමක්
January 8, 2026 04:28 pm
රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීම මෙවර ජනවාරි මස දී සිදු කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මහජන චීන සමූහාණ්ඩුව විසින් පූර්ණ ප්‍රදානයක් ලෙස රෙදි මීටර් මිලියන 11.484ක් මෙරටට ලබා දී ඇති අතර මේ වන විට එම සියලු රෙදි තොග වරායට ලැබී තිබේ.
එම නිල ඇඳුම ප්රදානය නිල වශයෙන් භාර ගැනීම එළැඹෙන ජනවාරි 13 වැනි දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
මෙවර පාසල් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා 4,418,404ක පමණ සිසුන් ප්‍රමාණයක් හිමිකම ලබන අතර ජනවාරි 19 දින සිට කොට්ඨාස කාර්යාල වෙත එම රෙදි තොග බෙදා හැරීමට කටයුතු කෙරෙනු ඇත.
