සියලු මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන්ට වැඩවරදී
January 8, 2026 02:17 pm
මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන භාවිතා කරන රියදුරන්ට එරෙහිව අද (08) දිනයේ සිට නීතිය ක්‍රියාමක කරන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
රසායනාගාරයේ සිදුකෙරෙන පරීක්ෂණයකින් විනාඩි තුනකින් මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ ප්‍රතිඵලය රියදුරුවරයාට මුද්‍රණය කර ලබා දිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
