වෙනිසියුලාව ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක්
සයුරෙන් එතෙර

වෙනිසියුලාව ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක්

January 7, 2026   01:17 pm

වෙනිසියුලාවේ ජනතාවගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස ඉන්දියාව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා තිබේ.

වෙනිසියුලාවේ මෑතකාලීන වර්ධනයන් පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඉන්දීය
විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ඒ බව පවසා ඇත.

එක්සත් ජනපද හමුදා විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ තවමත් නිව්යෝර්ක් බන්ධනාගාරයක පසුවෙයි.