කොහුවල වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
January 7, 2026 06:40 am
කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය දෙසැම්බර් මස 30 වනදා කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 හැවිරිදි තරුණියක තුවාල ලැබීය.
ඒ අනුව එම අපරාධය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදිය අපරාධකරුවන් වෙත ලබා දී ආධාර අනුබල දුන් සැකකරවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බඩෝවිට 03 අදියර ප්‍රදේශයේදීය.
සැකකරු ඊයේ (06) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. .
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
