කෝටි 50ක කුෂ් කටුනායකින් අල්ලයි
January 6, 2026 04:11 pm
රුපියල් කෝටි 50ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට අද (06) උදෑසන කටුනායක වෙත පැමිණි සැකකරුවන් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පලායමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ඔවුන්ගේ ගමන් මළු තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 50ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් භාරයට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෑත කාලයේ කටුනායක ගුවන්තොටුපොළින් සොයාගත් ප්‍රමාණයෙන් වැඩිම සහ වටිනාකමින් ද ඉහළම මත්ද්‍රව්‍ය තොගය බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචිකරුවන් බව සඳහන්ය.
සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.
