චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත් වෙයි
January 6, 2026 04:06 pm
චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත්ව ඇති බව චීන ජාතික සිවිල් ගුවන් සේවා මහා පරිපාලනය අද (06) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
එම ප්‍රකාශය අනුව, 2025 වසර තුළ චීනයේ ගුවන් සේවා භාවිතා කළ මගීන්ගේ සංඛ්‍යාව කෝටි 50 ඉක්මවා ගොස් ඇති බවත්, එය ලෝකයේ ඉහළම ගුවන් මගී සංඛ්‍යාව ලෙස වාර්තා වේ.
2025 වසරේදී චීන සිවිල් ගුවන් සේවා අංශය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල අවධානයක් යොමු කර ඇති අතර, එම අරමුණ සඳහා චීන යුවාන් බිලියන 120ක වටිනාකමින් යුත් ස්ථාවර වත්කම් ආයෝජන සිදු කර ඇත.
එසේම, වසර තුළ දේශීය ආර්ථිකයේ පැවති වර්ධනයත් සමඟ, චීන සිවිල් ගුවන් සේවා අංශය චීන යුවාන් බිලියන 6.5ක ලාභයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.
