සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර සමුළුව ඉන්දියාවේදී
January 4, 2026 12:19 pm
සාර්ක් (SAARC) මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර සමුළුව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා විවෘත විශ්වවිද්‍යාලයේ දී ජනවාරි 4 සහ 5 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
විශේෂයෙන්ම මෙම සමුළුවේදී දකුණු ආසියානු කලාපයේ මාධ්‍ය නිදහස පිළිබඳව අවධානය යොමු කිරීමත්, කලාපයේ මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානයට ලක්කිරීමත් මෙන්ම කාලාපයේ රටවල් තුළ ඇති මව් භාෂාවන් සඳහා සැසි කිහිපයක් පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට ප්‍රමුඛ පෙළේ ලේඛකයින් සහ පර්යේෂණ විද්වතුන් ඇතුළු නියෝජිතයන් 200කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.
වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති මානව හිමිකම් ගැටලු සහ සංස්කෘතිය උරුමයන් පිළිබඳ සැසිවාරවලට ඔවුන් සහභාගි වනු ඇත.
සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ ජාත්‍යන්තර මාධ්‍ය ආචාරධර්මවලට ගරු කිරීමට සහ මාධ්‍යවේදීන් සතු ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කලාපීය රජයන්ට බලපෑම් කිරීමය.
වර්තමානයේ කලාපීය ජනමාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග මෙන්ම ඊට හිමිවිය යුතු පිළිගැනීම සහ මාධ්‍ය නිදහස සුරැකීමේ වැදගත්කම පිළිබඳව ද එහි දී විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිතය.
සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ඉන්දියානු පරිච්ඡේදයේ බිහාර් පරිච්ඡේදයේ සභාපති ආචාර්ය ශෂි භූෂාන් කුමාර් ප්‍රකාශ කළේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස වත්මන් බිහාර් ආණ්ඩුකාර සහ සිකිම් හි හිටපු ආණ්ඩුකාර ගරු ගංගා ප්‍රසාද් මහතා සහභාගී වන බවය.
එමෙන්ම ආරාධිතයින් ලෙස ජාත්‍යන්තර සංස්කෘතික තානාපති ආචාර්ය සරිතා බුද්ධු, මොරිෂස් හි හිටපු නියෝජ්‍ය අගමැති හරිෂ් බුද්ධු මහතාගේ බිරිඳ, සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර සභාපති, නේපාලයේ රාජු ලාමා, සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ජාත්‍යන්තර මහලේකම්, බංග්ලාදේශයේ එම්. අබ්දුර් රහ්මාන් සහ තායිලන්තයේ ආචාර්ය පී.සී. චන්ද්‍රා යන මහත්වරුන් සහභාගී වනු ඇත.
ශ්‍රී ලංකාව නියෝජන කරමින් සාර්ක් (SAARC) මාධ්‍යවේදීන්ගේ සංසදයේ ශ්‍රී ලංකාවේ සභාපති රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන මුහුණදෙමින් සිටින තත්ත්වය සම්බන්ධයෙන් සමුළුවේ අවධානය සඳහා විශේෂ ලිපියක් මගින් දැනුම් දී තිබේ.
මෙම සමුළුව සඳහා පද්ම ශ්‍රී සම්මානලාභීන්, මාධ්‍යවේදීන්, ලේඛකයින් සහ පර්යේෂණ විද්වතුන් ඇතුළු ඉන්දීය ප්‍රාන්ත කිහිපයක නියෝජිතයින් සහ කලාපයේ අනෙකුත් රටවල නියෝජිතයින් 200ක් පමණ සහභාගී වීමට නියමිතය.
