කොළඹ ප්‍රදේශ කිහිපයකට බිඳ වැටී තිබූ ජල සැපයුම යථාවත් කෙරේ
January 3, 2026 09:44 pm
දෙහිවල, ගල්කිස්ස ඇතුළු කොළඹ ප්‍රදේශ රැසකට බිදවැටී තිබූ ජල සැපයුම යථාවත් කර තිබේ.
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන නළයක බත්තරමුල්ල තලංගම පයිප්ප පාර ප්‍රදේශයේ සිදු වූ හදිසි පිපිරීයෑමක් හේතුවෙන් ඊයේ (02) රාත්‍රී 10ට පමණ මෙසේ ජල සැපයුම අත්හිටවනු ලැබීය.
ඉන් ඇතිවූ ජල කාන්දුවෙන් මාර්ගය ද ජලයෙන් යටවී තිබුණි.
ඒ අනුව ජල සැපයුම අත්හිටවූ මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොලොන්නාව යන ප්‍රදේශවලට නැවත මෙසේ ජල සැපයුම යථාවත් කර ඇති බව වාර්තා වේ.
