කොළඹ - නුවර මාර්ගයේ අනතුරක් - පියෙකු සහ දියණියක රෝහලට

කොළඹ - නුවර මාර්ගයේ අනතුරක් - පියෙකු සහ දියණියක රෝහලට

January 3, 2026   06:33 pm

කොළඹ - නුවර මාර්ගයේ වරකාපොල තෝලංගමුව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් හා බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. 

එහිදී ත්‍රිරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර කුඩා දරුවෙකු ද සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ත්‍රිරෝද රථය පදවා ඇත්තේ පියා විසින් වන අතර පියා හා පසුපස ගමන් කළ දරුවා තුවාල ලැබීමෙන් මෙසේ වරකාපොල මූලික රෝහලට ඇතුලත් කර ඇත. 

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව වරකාපොල පොලිසිය පවසයි.