කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

කුලියට ගත් යතුරුපැදි වංචනිකව විකිණු අයෙක් අත්අඩංගුවට

January 3, 2026   11:14 am

කුලී පදනම මත යතුරුපැදි ලබාගෙන, එම යතුරුපැදි නිතී විරෝධි ලෙස අලෙවිකිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු බලංගොඩ පොලීසිය විසින් රත්නපුර, සන්නස්ගම ප්‍රදේශයේදී අත්අඩංගුව ගෙන තිබේ.

යතුරුපැදි කුලියට ලබාදෙන පුද්ගලයන්ගෙන් එම සැකකරු යතුරුපැදි ලබාගෙන ඇත්තේ මාස කිහිපයකට බවත්, ඒ හේතුවෙන් ඔහු එම යතුරුපැදිවල ලියාපදිංචි පොතද හිමිකරුවන්ගෙන් ඉල්ලා රැගෙනගොස් ඇති බව මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත.

රත්නපුර, බලංගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක වාහන කුලියට දෙන පුද්ගලයන්ගෙන් සැකකරු මෙලෙස යතුරුපැදි ලබාගෙන ඇති බව  පොලිසිය පවසයි.

ඔහු අත්අඩංගුවට පත්වන විට අලෙවිකිරීමේ සඳහා රැගෙන ආ යතුරුපැදි 6ක් සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.