T20 ලෝක කුසලානය සඳහා සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
January 3, 2026 08:06 am
ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15ක සංචිතයක් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ඊයේ (2) නම් කළේය.
වසර 4කට පමණ පසු ඉකුත් ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නැවත පැමිණි හිටපු නායක 39 හැවිරිදි ග්‍රේම් ක්‍රීමර්ටද මෙම සංචිතයේ ස්ථානයක් වෙන්කර තිබීම සුවිශේෂීය.
ඊට අමතරව පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටි බ්ලෙසිං මුසරබානි ද නැවත කණ්ඩායමට එක්වී සිටී.
ටෙස්ට් සහ එක්දින නායක රිචඩ් ගරාවා, අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීණ කඩුලු රකින්නෙකු වන බ්‍රෙන්ඩන් ටේලර් ඇතුළු පිරිසක් මෙම සංචිතයට ඇතුළත්ව ඇත.
සිම්බාබ්වේ කණ්ඩායම මූලික වටයේ 'B' කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ඕමානය සමගින් තරග වැඳීමට නියමිතය.
පෙබරවාරි 9වනදා ඕමානයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ඔවුන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන අතර, ඔවුන් ක්‍රීඩාකරන සියලුම කාණ්ඩ තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
2026 T20 ලෝක කුසලානය සඳහා සිම්බාබ්වේ සංචිතය
සිකන්දර් රාසා (නායක), බ්‍රයන් බෙනට්, රයන් බර්ල්, ග්‍රේම් ක්‍රීමර්, බ්‍රැඩ් එවන්ස්, ක්ලයිව් මැඩන්ඩේ, ටිනොටෙන්ඩා මපෝසා, තඩිවනෂේ මරුමනි,වෙලින්ටන් මසකඩ්සා, ටෝනි මුනියොංග, ටෂිංගා මුසෙකිවා, බ්ලෙසින් මුසරබානි, ඩියෝන් මයර්ස්, රිචඩ් ගරාව, බ්‍රෙන්ඩන් ටේලර්
