අවුරුදු 84ක් වූ සැමියාගෙන් අවුරුදු 79ක් වූ බිරිඳට අමානුෂික ප්‍රහාරයක්

අවුරුදු 84ක් වූ සැමියාගෙන් අවුරුදු 79ක් වූ බිරිඳට අමානුෂික ප්‍රහාරයක්

January 2, 2026   08:51 am

අගලවත්ත, දෙල්පාවත්ත ප්‍රදේශයේදී සැමියෙකු විසින් ඊයේ (1) උදෑසන සිදුකළ පහරදීමකින් ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මරණකාරිය වයස අවුරුදු 79ක් වූ දෙල්පාවත්ත, මහගම ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.

ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් දොර පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන් වෙත භාර දී ඇත. 

වයස අවුරුදු 84ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අගලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.