''විපතට පත් ජනතාවට පොරොන්දු වූ සහන ලබා දෙන්න''
January 1, 2026 08:04 pm
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ කරවනැල්ල මුලික රෝහලට රු. ලක්ෂ 28ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) එක්විය.
මෙහි දී Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් පරිත්‍යාග කෙරිණි.
දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වය නිසා හානි වූ ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීමේ අරමුණින් සහන වැඩසටහනක් ලෙස මෙම රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය.
ඔස්ට්‍රේලියානු මොනැෂ් සරසවිය 2000-2019 කාලයේ රටවල් 9ක සුළි කුණාටු 217ක් සහ මරණ මිලියන 15ක් පිළිබඳ සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව සුළි කුණාටුව අවස්ථාවේ මරණයට පත්වූ ප්‍රමාණයට වඩා පසු ආපදා සමයේ නිර්මාණය වන මරණ වඩා වැඩි බව මෙහිදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
මෙයට හේතුව වී ඇත්තේ රෝහල් පද්ධතියේ ඇති අඩුපාඩුකම් හා වෛද්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
එවැනි තත්ත්වයක් අප රට තුළ ඇති වීම වැළැක්වීම අරමුණු කර ගෙන විපක්ෂයට දැක්විය හැකි දායකත්වය ලබා දීමට සමගි ජන බලවේගයේ හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසුවේය.
එහිදී විපක්ෂනායකවරයා සඳහන් කළේ බිලියන 500ක ඇස්තමේන්තුවක් මෙන්ම පරිපූරක ඇස්තමේන්තුවක්ද ඇති බවත් මේ මුදල් නියමිත පරිදි ලක්ෂ 50, ලක්ෂ 10, ලක්ෂ 100 ආදී ලෙස ලබා දෙන බව කියූ සහන ලබා දී ශක්තිමත් යාන්ත්‍රණයක් හරහා කාර්යක්ෂමව සහන සැලසිය යුතු බවත් ය.
ඊට අමතරව මෙරට ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ තුළ දැවැන්ත වෙනසක් සිදු කළ යුතු බවත් අලුත් අවුරුද්දේ හෝ ආපදා කළමනාකරණ විෂය කැබිනට් විෂයක් බවට පත් කර නව ආයතන ස්ථාපිත කර මූල්‍ය භෞතික හා මානව සම්පත් ලබා දී කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එසේම රජය පොරොන්දු වූ සහන නිවැරදිව ලබා දිය යුතු බවත් කලා නොදමා සාවද්‍ය අසත්‍ය වැරදි බොරුව ක්‍රියාත්මක නොකර සත්‍ය දිනවිය යුතු බවත් ජනාධිපතිවරයා කියු ආකාරයට ඒ සහන ලබා දිය යුතු බවත් මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
ඔහු සඳහන් කළේ ලෝක ආර්ථික විශේෂඥයන් දෙන උපදෙස් ක්‍රියාත්මක කර 2028 ණය ගෙවීම කල් දමා ගත යුතු බවත් ය.
ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ක්‍රියාත්මක කරන්නේ නම් සමගි ජන බලවේගය එයට සහයෝගය ලබා දෙන්න සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
