නීතිවිරෝධීව මෙරටට ගෙනා ලක්ෂ 30ක බඩු රේගු දැලේ
December 31, 2025 08:40 pm
රුපියල් ලක්ෂ 30ක් වටිනා විදේශීය නිෂ්පාදිත භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනැවිත්, ඒවා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ "හරිත මාවත" ඔස්සේ පිටකර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක්ව ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය කොළඹ, ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.
ඇය අද (31) උදෑසන 05.45 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ සුවඳ විළවුන්, රූපලාවන්‍ය ආලේපන, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙන්ම මත්පැන් බෝතල් තොගයක් ද සඟවාගෙන රැගෙනවිත් තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සැකකාරිය අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
