දහසක් බලාපොරොත්තු පොදි බැඳි ඉසුරිට අත්වූ අවාසනාවන්ත ඉරණම
December 30, 2025 04:00 pm
උසස් පෙළ කඩඉම සාර්ථකව අවසන් කිරීමට වෙහෙස මහන්සි වෙමින් කටයුතු කළ පාසල් සිසුවියකට මුහුණ පෑමට සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයක් පිළිබඳ මතුගමින් 'අද දෙරණට' වාර්තා විය.
ඒ මතුගම, පැලවත්තේ පදිංචි ඉසුරි කෞශල්‍යා මීගහපොල දියණියයි.
මතුගම අධිකාරම් විද්‍යාලයේ සිසුවියක් වූ ඇය සිය අධ්‍යාපන කටයුතුවල දැඩි උනන්දුවකින් යුක්තව නිරත වූයේ දහසක් බලාපාරොත්තු සිත්හි දරාගෙන ජීවිතය ජය ගැනීමට ය.
එහෙත් නොසිතූ අභියෝගයකට මුහුණදීමට කෞශල්‍යාට සිදුව තිබේ.
ඒ, ඇය ලියුකේමියා රෝගයට ගොදුරුවීම හේතුවෙනි.
2024 වසරේදී උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව තිබුණත් රෝගී තත්ත්වය හේතුවෙන් ඇයට එම අවස්ථාවද අහිමි වී ඇත.
ඉසුරිට සවියක් වීමට කැමති ඔබට 072 8441 223 / 078 3953 506 ඔස්සේ වැඩි විස්තර දැනගත හැකිය.
