රිය අනතුරු වැඩිවීමට හේතුව මත්ද්‍රව්‍ය සහ මත්පැන් බව හෙළි වෙයි
December 29, 2025 02:58 pm
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රිය අනතුරු වැඩිවී ඇති බව පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය මෙම රිය අනතුර සඳහා ප්‍රධානතම හේතුව බව පොලීසිය පවසයි.
කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතා මේ බව සඳහන් කළේය.
එමෙන්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරනු ලබන රියදුරන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක වන රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ රිය අනතුරේදී පරීක්ෂණ සිදුකළ ආකාරය පිලිබඳව ද මාධ්‍යවේදීන් එහිදි නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතාගෙන් විමසීමක් සිදුකළේය.
එහිදී ඔහු පැවසුවේ අදාළ නිලධාරීන් විසින් රාජකාරි නිසි ලෙස සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පිරීක්ෂණ පවත්වන බවත්ය.
