කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ PSOට ඇප
December 27, 2025 03:33 pm
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීවරයා කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.
කඩුවෙල මහෙස්ත්රාත්වරයා විසින් රුපියල් ලක්ෂයක ඇපයක් මත අදාළ ආරක්ෂක නිලධාරීවරයා මුදාහරින ලෙස නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
නීතිඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අපකළ විමසීමකදී කඩුවෙල පොලීසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හරින ලද කඩුවෙල නගරාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා සමත මණ්ඩලය සඳහා යොමුකරන බවය.
