ජාතික පාසල් පළාත් පාසල් බේදය අමතක කරන්න - අගමැති හරිනි
December 21, 2025 06:52 pm
ජාතික පාසල්, පළාත් පාසල් බේදය අමතක කර මෙරට සෑම පාසලකම සිටින දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023 හා 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ උතුරු පළාත් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කිලිනොච්චිය නෙළුම් පියස පරිශ්‍රයේදී පැවැත්විණි.
ජනතාවට අයිති ජනාධිපති අරමුදල තවදුරටත් ජනතාවට සමීප කරමින් මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරයද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් විය.
"ජාතික - පළාත් බේදය අමතක කරන්න. ඒ සෑම පාසලකම සිටින්නේ අපේ දරුවන්. ඒ සියලු දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය තහවුරු කළ යුතුව තිබෙනවා.
එම නිසා ගුරුවරු පත් කිරීමේදී, ස්ථාන මාරු කිරීමේදී සහ නිලධාරීන් පත් කිරීමේදී යාපනය ගැන විතරක් හිතන්න එපා. අනිකුත් දිස්ත්‍රික්කවල පිහිටි සියලුම පාසල් ගැන හිතලා එකම හැන්දෙන් බෙදන්න.
ඔබ සැබෑ දක්ෂයින්. මෙතැන සිටින ඔබ විශ්වවිද්‍යාලයට ගිහින් යළිත් උතුරු පළාතට සේවයක් කිරීමට එන බව මට විශ්වාසයි. තව වසර තුන හතරකින් උතුරු ප්‍රදේශය පිළිබද තින්දු තිරණ ගන්නේ ඔබයි. එවිට ඔබ උතුරු පළාතේ දියුණුව ගැන සිතා මැදිහත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. රජයක් විදිහට අප මේ මැදිහත් වීම කරන්නේ ඒ දියුණුව ගැන සිතා බව කිව යුතුයි."
වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් සිසුසිසුවියන් 274 දෙනකු ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවූ අතර, මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 2.74ක් වැය කර ඇත.
දිවයිනේ පළාත් මට්ටමින් ආරම්භ වූ මෙම වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන මෙය වන අතර, මේ අනුව ජනාධිපති අරමුදල 2023 හා 2024 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුසිසුවියන් 3000ක් ඇගයීමට ලක් කර තිබේ.
