පාලන මිල නොතැකූ වෙළෙඳසැල් දෙකකට රුපියල් ලක්ෂ දෙකක දඩයක්

පාලන මිල නොතැකූ වෙළෙඳසැල් දෙකකට රුපියල් ලක්ෂ දෙකක දඩයක්

December 19, 2025   05:35 pm

පාලන මිල ඉක්මවා දේශීය ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබේ.

ලද පැමිණිල්ලක් මත අදාළ වෙළෙඳසැල් වටලා එහි හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට පියවර ගැනුණි.

එහිදී අදාළ වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනා සිදුකළ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 02ක දඩ මුදලක් නියම කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.