තායිවානය සමග ඩොලර් බිලියන ගණනක ආයුධ වෙළඳාමකට අමෙරිකාව සැරසෙයි
December 18, 2025 04:49 pm
තායිවානය සමග ඩොලර් බිලියන 11ක ආයුධ වෙළඳාමක් සිදු කිරීමට අමෙරිකාව සූදානම් වී තිබේ.
අති නවීන යුධ ටැංකි, මිසයිල ඇතුලු නවීන ආයුධ වර්ග රැසක් තායිවානය විසින් මිලදී ගැනීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් මෙම ගනුදෙනුවට අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය මෙතෙක් හිමිව නොමැති බව ද සඳහන් වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය ආරම්භ වීමෙන් පසුව තායිවානය සමගින් අවි ආයුධ වෙළදාමක් සිදු කරන දෙවන අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
