‘Rebuilding Sri Lanka’ අරමුදලට Indra Traders වෙතින් රු. මිලියන 100ක්
December 17, 2025 06:34 pm
'දිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා Indra Traders (Pvt) Ltd විසින් රුපියල් මිලියන 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඊට අදාළ චෙක්පත එහි නිර්මාතෘ/සභාපති ඉන්ද්‍රා සිල්වා මහතා විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට Indra Tradersහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන රුශන්ක සිල්වා, හෂින්ද්‍ර සිල්වා, සාමාන්‍යාධිකාරී සචිනි සිල්වා යන මහත්ම මහත්මීහුද එක්වූහ.
